බස් සහ දුම්රිය මඟීන්ට නව QR කේතයක්..ඇමතිගෙන් දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Apr 10, 2023 04:53 AM GMT
Report

දුම්රිය හා බස් මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මේ වසර තුළදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඇතැම් බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නියමිත මගී ප්‍රවාහන ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවයි.

දුම්රිය තුළ ද මෙය සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ නිසා නව තාක්ෂණය ඇතුළත්ව QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය තමන්ටම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන බවයි.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now