බූරුමූණා නිරීක්ෂණයට ආ මහෙස්ත්‍රාත්වරිය - තුවාල ,සනීපාරක්ෂාව ඇතුළු සියල්ල පිරික්සයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 28, 2023 01:27 PM GMT
Report

නුගේගොඩ මහෙස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය සංඛ ද සිල්වා නොහොත් 'බුරුමුණා' නිරීක්ෂණයට මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණියාය.

බූරුමූණා හට, හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්  චෝදනා එල්ලවී ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින්, එම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට මිරිහාන මූලස්ථාන පොලීසියේ විශේෂ සිරමැදිරියක රඳවා ත්‍රස්තවාදී පනත යටතේ ප්‍රශ්න කරමින් සිටී.

2023 පෙබරවාරි 24 වනදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොල පොලීසිය වෙත සැකකරුව භාරදී තිබුණි.

එහිදී බුරුමුණා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමෙන් අනතුරුව මාර්තු මස 17 වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාරදී දුනි.

එහිදී සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව සී. ෆෝ. වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 650 ක් හංවැල්ල වනහගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය සොයා ගත්තේය.

ඒ අනුව වැඩිදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා සැකකරු ට ත්‍රස්තවාදී පනත යටතේ තෙමසක කාලයකට රැඳවුම් නියෝග ලබා ගැනුණි.

මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණි මහෙස්ත්‍රාත්වරිය සැකකරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබේද ? පහරදීමෙන් තුවාල තිබේද ? රඳවා සිටින සිරමැදිරියේ සුදුසු වාතාශ්‍රයක් තිබේද? සනීපාරක්ෂක පහසුකම් තිබේද? ආහාරපාන නිසි අයුරින් ලබා දෙන්නේ ද ? සමීප ඥාතීන්ට හමුවීමට අවස්ථාව ලබා දී තිබේද ? යන්න ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇත.

ඩුබායි රටේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා ගේ තවත් එවැනි අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත බුරුමූණා මිනිස් ඝාතන සිදුකර ඇති බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now