සැමියාගෙන් යැපෙන කාන්තාවන් ස්වාධීන ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් වෙන දේ මෙන්න.

Sri Lanka
By Wayomi Jun 10, 2022 05:37 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කොපමණ ඉගෙන ගත්තත් ඇතැම් ආගමික, සංස්කෘතික ආකල්ප නිසා ගොඩක් කාන්තාවන්ට පූර්ණ කාලීන ගෘහනියන් බවට පත් වෙන්න වෙලා තියෙනවා. ඒ අනුව කාන්තාවන්ගෙන් 25% පමණ ප්‍රමණයක් තමයි ආර්ථිකයට වටිනාකමක් එකතු කරන්නේ. නමුත් මේ වන විට ලෝකයේ ගොඩක් රටවල් වල කාන්තාවන්ට සම අයිතීන් ලබාදී තිබෙනවා. ඉතින් ගෙදර සැමියා රැකියාවක් කළද කාන්තාවක් විදිහට ඔබටත් පුළුවන් ස්වාධීන ආර්ථිකයක් ගොඩනගා ගන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නෙත් කාන්තා ඔබ ආර්ථිකව ස්වාධීන වීමේ වැදගත්කම එහෙමත් නැත්නම් ඔබට ලැබෙන ප්‍රතිලාභ ගැනයි. 

👩‍💼 මුදල් වටිනාකම ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගන්න උදව් වෙනවා. තමන්ට සහ තම පවුලට සහයෝගය දැක්වීමේ හැකියාව ඇති කාන්තාවන්ට නිකන්ම ස්වයං වටිනාකමක් ලැබෙනවා.

👩‍💼 හදිසි අවස්ථාවන්ට හොඳින් මුහුණදීමේ හැකියාව ලැබෙනවා. හරියටම කියනවා නම්, රැකියාවක් හෝ අදායම් මාර්ගයක් නැති කාන්තාවකට දික්කසාදයක්, මරණයක්, රැකියා අහිමි වීම් හෝ මරාන්තික ලෙඩක් හැදුණු අවස්ථාවන් වලදී එම ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලේසි නැහැ. නමුත් ඔබ රැකියාවක් කරනවා නම්, ඔබ කරන ඉතුරුම් හදිසි අවස්ථා වලදී ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව තියෙනවා.

👩‍💼 අනුන් මත යැපෙන්නකු වෙන්න එපා. එතකොට වෙන්නේ ඔබ මහපාරට වැටෙන එක විතරයි. ඔබ ගෘහස්ත හින්සනය ලක්වෙන කෙනෙක් නම් හෝ සැමියාට වෙනත් සම්බන්දකම් තියනවා කියලා දන්නවා නම් ඒ හැමදේම ඉවසගෙන ඉන්නවා මිසක් දික්කසාද වෙන්න ඕන වුණත් වෙන්න බැහැ. මොකද ඔබ යැපෙන්නේ ඔහුගෙන් නිසා.

👩‍💼 උද්ධමනය නිසා ඉහළ යන ජීවන වියදමේ බර ටිකක් හෝ සැහැල්ලු කරගන්න ඔබට පුළුවන්.

👩‍💼 පවුලේ සාමාජිකයන් වැඩි වෙන්න වැඩි වෙන්න මුදල් ඉපැයීම වෙනුවෙන්, ආර්ථිකය වෙනුවෙන් ඔබේ සැමියට දැඩි පීඩනයක් යටතේ කටයුතු කරන්න සිදු වෙනවා. හැබැයි ඔබ රැකියාවක් කරනවා නම් එමඟින් ඔබේ පීඩනය පීඩනය අඩු කළ හැකියි.

👩‍💼 හැබැයි ඔබ හම්බ කරන්න පටන්ගත්තා කියලා ඔබේ යුතුකම්, වගකීම් පැහැර නොහැර ආදරණිය වෙනුවෙන් කාලය ලබාදෙන්න අමතක කරන්න එපා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW