බුද්ධිකා මිය ගියේ කාගෙ වරදින් ද? හේතුව මෙන්න.(PHOTOS)

Sri Lanka Accident
By Aruna Oct 04, 2022 05:21 AM GMT
Report

ජාඇල බුද්ධිකා හර්ෂණී අබේවික‍්‍රම මහත්මියට සිදුකළ ශල්‍යකර්මයකින් පසු ඇය මිය යාම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව වත්තල හේමාස් රෝහල කියා සිටී.

ඇයටත් ඇගේ පවුලේ සියලු දෙනාටත් තම බලවත් ශෝකය පළ කරන බව ද රෝහල් කළමනාකාරිත්වය සඳහන් කරයි.

ඇයට ප්‍රතිකාර කිරීමේ දී සිදුව ඇති වරද සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකිරීමටද කටයුතු කල බව රෝහල පවසයි.

සැත්කම කල වෛද්‍ය වරයාගේ ඉල්ලීම මත රෝගියා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් දින 22 කට පසුව සිදු වූ මෙම මරණයට හේතුව වත්තල හේමාස් රෝහලේ වරදක් හෝ අතපසු වීමක් නොවන බව ද එමඟින් හෙළි වූ බව රෝහල සදහන් කරයි.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සිදුකරන පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු අදාළ සැත්කම කළ වෛද්‍යවරයාගේ සේවය ලබා නොගැනීමට ද රෝහල් සමූහය තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery