විකාශන අධිකාරි පනත ගැන විශේෂ තීරණයක්..!

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sithumi Jun 05, 2023 11:50 AM GMT
Report

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව, වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධවීමට සහ එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට ඒකමතිකව තීරණය කර තිබේ.

අද (05) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිවී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුලුන වන්නේ නිදහස් මාධ්‍ය බවද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now