චිනය ලොවට විශාල අභියෝගයක් - බ්‍රිතාන්‍යය කියයි

By Sithumi May 21, 2023 05:37 PM GMT
Report

ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා ලොව විශාලතම අභියෝගය චීනය බව බ්‍රිතාන්‍යය පවසනවා.
 


බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් පැවසුවේ චීනය ගෝලීය ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා යුගයේ විශාලතම අභියෝගය මතු කරන බවයි.
 


ජපානයේ හිරෝෂිමා නගරයේ පැවැත්වෙන ජී7 සමුළුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවේ.


 
ඒ අනුව චීනයෙන් එල්ල වන අභියෝග අවම කිරීම සඳහා බ්‍රිතාන්‍යය සහ අනෙකුත් ඨ7 රටවල් පොදු ප්‍රවේශයක් අනුගමනය කරන බවත් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.  
 


බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ බාහිර පාර්ශවයන්ගේ ස්වෛරීත්වය සඳහා චීනය සිදුකරන මැදිහත්වීම් වැළැක්වීමට ක්‍රමවත් පියවර අනුගමනය කරමින් සිටින බවයි.