බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ හේතුව..

By Sithumi Apr 21, 2023 05:47 PM GMT
Report

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Dominic Raab සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.  

ඒ, ඔහුට එරෙහිව එල්ල වී ඇති හිංසන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන හේතුවෙන් වන අතර Dominic Raab යටතේ සේවය කළ සිවිල් සේවකන් 24 දෙනෙකු පමණ ඔහුට එරෙහිව හිංසන චෝදනා ඉදිරිපත් කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට අදාළව පැමිණිලි 08 ක් සම්බන්ධයෙන් විමර්ශන ද ආරම්භ කර ඇති බවයි. කෙසේවෙතත් Dominic Raab සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ඔහුට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.