අලුත් සහනයෙන් ලංකාවට ලැබෙන දේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කියයි
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
බ්‍රිතාන්‍ය ජී.එස්.පී ප්ලස් වෙනුවට ක්‍රියාත්මක කෙරෙන නව තීරුබදු සහන වැඩසටහනට ඇතුළත්වීමෙන් ශ්‍රී ලංකාවටද ඉමහත් ප්‍රතිලාභ අත්වන බව මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන යටතේ මෙරට ආර්ථිකයේ වර්ධනයට සහ රැකියා ජනනයට ඉඩ සැලසෙන බව ඇයගේ අදහසය.
2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ මෙරට අපනයන නිෂ්පාදනවලින් 80%කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව තවදුරටත් බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට පිවිසීමට හැකිවනු ඇති.
ඊට අමතරව මෙම වැඩසටහන යටතේ තවත් අපනයන භාණ්ඩ 156ක තීරුබදු ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |