රනිල් දිගටම රට පාලනය කළොත්, අපිට පුලුවන් ලෝකයට ණය දෙන්න – වජිර කියයි

By Sithumi Apr 14, 2023 10:35 AM GMT
Report

රනිල් වික්‍රමසිංහ මහතා වසර 06ක් හෝ 12ක් රට එක දිගට පාලනය කළ හොත් ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත් කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 

 වයි ඔහු සඳහන් කළේ වසර තුනකට පසුව මෙරට ජනතාවට අලුත් අවුරුදු උත්සවය සැමරීමට හැකියාව ලැබී ඇත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම නිසා බවයි.

 එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු මේ රටට මහා වෘක්ෂයක්, මහා සෙවනක් බැවින් එය රැකගතහොත්, රටේ තරුණ පරම්පරාව සුරක්ෂිත බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියා.