ළදරු කිරි බෝතල් වල අඩංගු විෂ රසායනික ගැන ඔබ දැනුවත් ද?

Sri Lanka
By Wayomi May 31, 2022 07:01 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ළදරුවන්ගේ කිරි බෝතලය කියන්නේ දැන් අත්‍යවශ්‍යම භාණ්ඩයක්. නමුත් අනෙක් රටවල වගේම ලංකවේත් ළදරුවන් සඳහා භාවිතා කරන ඇතැම් කිරි බෝතල් සහ බඳුන් වල " බිස්ෆිනොල් A " (Bisphenol A- BPA) නැමැති විෂ රසායනික අඩංගු බව තහවුරු වී තිබෙනවා.ඊට අදාළ පර්යේෂණයට යොදාගත්ත බදුන් 98 න් 78කම මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු බවත් සමහර ඒවායේ අඩංගු නොවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරනවා. 🍼

🍼  ඇතැම් භාණ්ඩ වල BPA රහිත බව ලේබලයේ සඳහන් වුණත් සමහර භාණ්ඩවල එම රසායනිකය අන්තර්ගත බව තහවුරු වී තිබෙන බවත් මේ නිසා දෙමව්පියන් දරුවන්ට නිවැරදි දේ ලබාදීමට ඉදිරිපත් වුවත් වෙළද සමාගම් ඔවුන් නොමග යවන බවයි පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ. 


🚼 🍼  ඒ නිසා පුළුවන් තරම දරුවන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ ලබාදෙන්න. ප්ලාස්ටික කිරි බෝතලය වෙනුවට වීදුරු එකක් භාවිතා කරන්න. අනෙක් උපකරණත් පුළුවන් ඒවා වීදුරු වලින්, පෝසිලෙන් හෝ හොඳ ඇල්මිනියම් වලින් නිෂ්පාදිත භාණ්ඩ, උපකරණ භාවිතයට පුරුදු වෙන්න. දරුවන් වගේම ඔබේ සෞඛ්‍යටත් එය ගොඩක් වැදගත් වේවි. 

බිස්‌ෆිනොල් A (Bisphenol A- BPA) වැනි රසායන ද්‍රව්‍ය දැනට ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ කාර්යාංශය මගින් පිළිකාකාරක, ස්‌නායු නාශක සහ හෝමෝන නාශක රසායන ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙම රසායන ද්‍රව්‍ය ප්‍රමාණවත් කාලයක්‌ නාසය, මුඛය සහ චර්මය හරහා නිරාවරණය වූ විට විවිධ රෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. මේ අතර පිළිකා, හෝමෝන අක්‍රමිකතා, වඳභාවය සහ ස්‌නායු දුර්වලතා ඇති වීමේ අවදානම පවතිනවා.

පොලිතින් දහනයට ලක්‌ වූ විට වායු දූෂණය සිදු වීම වන අතරම මෙමගින් කාබන් මොනොක්‌සයිඩ් වැනි ඉතාමත් විෂ සහිත වායු නිදහස්‌ වීමෙන් ශ්වසන ආබාධ ඇති වෙනවා. ස්‌වාභාවික ලෙස දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හිරු එළිය මගින් පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වියෝජනයට ලක්‌වුවත් එමගින් ප්ලාස්‌ටික්‌ ධූලි වායුගෝලයට එකතු වීම මගින්ද ශ්වසන ආබාධ ඇති විය හැකියි.

ඒ වගේම දිරාපත් නොවන කසළ එක්‌රැස්‌ වීම සිදු විම හේතුවෙන් පස දුෂණයට ලක්‌ වීම සහ පස නිසරු වීම සිදු වෙනවා. ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් පසට එකතු වූ පසු එමගින් විවිධ විෂ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. මෙම විෂ රසායනික ද්‍රව්‍ය අපගේ භූගත ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් අප පානයට ගන්නා ජලය විෂ සහිත වීමෙන් විවිධ ආමාශගත රෝග, වකුගඩු රෝග වැනි නොයෙකුත් රෝග ඇති වෙනවා.

ප්ලාස්‌ටික්‌ වර්ග දිරාපත් වීමේ ශීඝ්‍රතාව වැඩි කරන ක්‌ෂුද්‍ර ජීවින් පසෙහි ජීවත් වෙනවා. නමුත් ප්ලාස්‌ටික්‌ දිරාපත් වීමේ ක්‍රියාවලියේ දී උත්පාදනය කරන මීතේන් වායුව මගින් ගෝලීය උණුසුම් වීමේ ශීඝ්‍රතාව ද ඉහළ දැමීමට වක්‍රාකාරව බලපා තිබෙනවා.

අප බැහැර කරන බොහොමයක්‌ ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් පහසුවෙන් ජල මූලාශ්‍රවල තැන්පත් වෙනවා. ඒවා මගින් බිස්‌ෆිනොල් A, පොලිස්‌ටිරින් වැනි විෂ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන්, ආහාර මගින් නැවත අපගේ ශරීරයට ඇතුළු වීමේ අවදානම තිබෙනවා. එසේම එමගින් ජලජ ජීවීන්ට සිදුවන්නේ විශාල හානියක්‌. එපමණක්‌ නොව දිරාපත් නොවන පොලිතින් කසළ එක්‌රැස්‌ වීමෙන් විවිධ සතුන් ඉවතලන පොලිතින් ආහාරයට ගැනීම හේතුවෙන් ජෛව විවිධත්වයට ද හානි වෙනවා.