පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදු වූ සිව් නිවුන් දරු උපත.

Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Apr 17, 2023 11:15 AM GMT
Report

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කුරුණෑගල අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් දරුවන් සිව්දෙනෙකු ප්‍රසූත කර තිබෙනවා.

එලෙස පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු බිහි කර ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න කියා සිටියේ, අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

නිවුන් දරුවන් බිහිකළ එම මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක් වන අතර පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙක්.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW