පා පැදිකරුවන්ට වෙනම මන්තීරු - නවතම වැඩපිළිවෙළ මෙන්න
Colombo
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කොළඹ නගරය ඇතුළු නගරවල පා පැදි භාවිතය ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ගවල පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරු ඇතිකිරීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කොළඹ බැංකු මාවතේ පා පැදිකරුවන් වෙනුවෙන් වෙනම මංතීරුවක් විවෘත කිරීම අද සිදුවිය.
පා පැදි ආරක්‍ෂිතව රඳවා තැබීමේ ස්ථාන ද මෙහි වෙන් කර ඇති අතර කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ ද අද සිට පා පැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...Join Now |