ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු..

Sri Lanka Heart Attack Diabetes Disease
By Piyumika May 30, 2024 03:12 PM GMT
Piyumika

Piyumika

in රචනා
Report

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

 සුනඛයන්ට බහුලව වැළදෙන රෝග ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකි.

ඒවා වෛරස් මගින්, බැක්ටීරියා මගින්, දිලීර ප්‍රොටොසෝවා, රිකට්සියා ආදිය මගින් ඇති කරයි.

වෛරස් මාර්ගයෙන් ඇති කරන රෝග වනුයේ ජල භීතිකාව, ඩිස්ටෙම්පර් පාවෝ වැන්නයි.

බැක්ටීරියා මගින් ඇති කරන්නේ මුත්‍රා ආසාදන. ආහාර අජීර්ණ තත්ත්වයන් හා ආහාර මාර්ගයේ ඇතිවන වෙනත් රෝගී තත්ත්වයනුයි.

එමෙන්ම සමේ රෝග, කන්වල ඇතිවන ආසාදන ආදියත් බැක්ටීරියා මගින් ඇතිවෙනවා.

දිලීර මගින් සතාගේ සම මතුපිට මවිල් යාම, කැසීමේ ස්වභාවය, කැසීමෙන් ඇතිවන තුවාල සහ කන්වල ආසාදන ඇතිවන අතර ප්‍රොටොසෝවා සහ රිකට්සියා මගින් ලේ වල ආසාදන ඇති කරයි.

මේ කුමන ආකාරයෙන් ඇතිවන රෝගී තත්ත්වයකදී වුවත් ඔබේ සුරතලා පත්වන්නේ බලවත් අපහසුතාවකට ඒ නිසා සුනඛයන්ට බහුලව වැළදෙන එබඳු රෝග හා රෝග ලක්ෂණ පිළිබඳ යම් දැනුවත් භාවයක් ලබා ගැනීම ප්‍රයෝජනවත් වේවි.

✳කිනිතුළු උණ tickfever

මෙම රෝගය ඇති වූ විට පෙන්වන රෝග ලක්ෂණ වනුයේ දින කිහිපයක් ආහාර නොගැනීම.

වමනය සහ බඩ එළිය යාම, සමේ යට රතු පැල්ලම් මතු වීම හා කැස්ස ඇති වීම උණ ඇති වීම. නිදිමත ස්වභාවය, නාසයෙන් ලේ ගැලීම.

විදුරු මස සුදුමැලි වීම ආදියයි. මෙවැනි ලක්ෂණ පෙන්වන අවස්ථාවකදී වහාම පශු වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

✳ඩිස්ටෙම්පර් distemper

මෙම රෝගය ඇති වෙන්නේ වෛරසයක් මගින්. බොහෝ අවස්ථාවලදී සුනඛයා ගැහෙන ස්වභාවයක් පෙන්වයි. පසුපස ගාත් අප්‍රාණික වෙයි.

වමනය, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ ඇති වේ. බඩ එළිය යාම වැනි තත්ත්වයක් ඇති වේ. මේ සඳහා එන්නත් ලබා දෙන්නේ රෝගය වැළඳීමට පෙර වළක්වා ගැනීම සඳහායි.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විටදීත් පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

✳පාවෝ parvo

මෙම රෝගයේ රෝග ලක්ෂණ වනුයේ උණ. අධික ගන්ධයක් සහිතව ලේ බඩ එළිය යාම, වමනය, කෑම අරුචිය ආදියයි.

මෙහිදීද රෝගය වැළඳීමට පෙර එන්නත් ලබා දිය යුතුයි. ඩිස්ටෙම්පර්, පාවෝ වැනි රෝග වැළඳුන පසුව ප්‍රතිකාර කිරීමෙන් සුවවීමේ සම්භාවිතාව ඇත්තේ 10% ක් පමණයි. රෝගය වැළඳීමෙන් වැඩි ප්‍රමාණයක් මියයයි.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

✳ජලභීතිකාව


මෙය ඇතිවෙන්නේ වෛරසයක් මඟින්. මෙම රෝගය ඇති වූ විට රෝග ලක්ෂණ පෙන්වීම ආකාර දෙකකට සිදුවෙනවා. එනම් ගොළු පිස්සුව හා වියරු පිස්සුව වශයෙන්.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

✔ගොළු පිස්සුව

මෙය වැළදුන විට සතා එක තැනකට වී ලැග සිටීමට ප්‍රිය කරයි. විශේෂයෙන් අඳුරු ස්ථානවල ක නිසොල්මන්ව වැතිර සිටියි. දැගලීම, බිරිම, ආහාර ගැනීම අඩුවේ.

ඇස් රතු වේ. ජලය පානය නොකරයි. මෙම රෝගය වැළඳුන විට සපා කෑම අඩු වුවත් ඇතැම් විට සපා කෑමටත් හැකියාව තිබෙනවා.

✔වියරු පිස්සුව

මෙය වැළදුන විට පෙන්වන රෝග ලක්ෂණ වනුයේ දැගලීම සහ රුදුරු ස්වභාවය වැඩිවීමයි. කෑම නොගනී. ඇස් රතු වේ.

කට හඬේ වෙනසක් දැකිය හැකියි. ජලය පානය ජනොකරන අතර ජලයට බියක් දක්වයි කටින් සෙම බේරේ. ඇදීමේදී සමබරතාවයක් නැත.

කුඩුවක සිටි නම් කුඩුව කඩාගෙන පිටතට පැනීමට උත්සාහ ගනී.

දකින දකින දේ සපා කෑමට පෙළඹේ.රෝගය පසෑදුණු පසුව ප්‍රතිකාර නැති නිසා ඔබ වඩාත් සැල- කිලිමත් විය යුත්තේ එන්නත් ලබා දීම මගින් රෝගය සෑදීම වළක්වා ගැනීමටයි.

අප මෙතෙක් සදහන් කළේ සුතඛයාට වැඩි වශන්යෙන් සෑදීමට ඉඩ තිබෙන රෝග පිළිබඳවයි.

මෙයට අමතරව කලාතුරකින් සුනඛයින්ගේ මුඛයේ ඇති සිනිඳු පටකවල ඉන්නන් ඇතිවීම සිදුවෙනවා මේවා ඇතිවන්නේ පැපිලෝමා නම් වෛරසයක් මාර්ගයෙන්.

මේවා ඉක්මනින් පැතිරීමට ඉඩ ඇති නිසා පශු වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගත යුතුයි.

එවිට එවැනි ඉන්නන් ඉවත් කිරීම සඳහා ශල්‍ය කර්මයක් සිදු කළ යුතු ද යන්න පිළිබඳව ඔහු තීරණයක් ගනු ඇත.

අපේ ආදරණිය සුරතලුන්ටත් අපි නොහිතන විවිධ රෝග තත්ත්වයන් ඇතිවෙනවා. ඒ වගේ එක් රෝගයක් තමයි

✳ඇසේ සුද ඇතිවීම.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

එක් ඇසක හෝ ඇස්දෙකෙහිම ඇතිවන මෙම රෝග තත්ත්වය හේතුවෙන් ඔබේ ආදරණීය සුරතලා අන්ධ වෙන්නත් පුළුවන්.

මෙහිදී ඇසෙහි කාචයෙහි පාරදෘෂ්‍ය භාවය නැතිවන අතර ඇසෙහි කාචය සුදු පැහැයෙන් දිස් වේ. ඇසෙහි සුද ඇතිවීමට හේතු

*සුනඛයන් වයස්ගත වීමත් සමග නිශ්චිත හේතුවක් නොමැතිව ඇසෙහි සුද මතුවිය හැකිය.

*දියවැඩියාව හේතුවෙන් රුධිරයේ අධික ග්ලූකෝස් මට්ටම පාලනය නොකර තිබීම නිසාද ඉතා ඉක්මණින් ඇසෙහි සුද මතු වේ.

*විවිධ විෂ වර්ග ශරීර ගතවීම හේතුවෙන්

*විදුලි සැර, විකිරණ වලට හසුවීම

*ඇසෙහි ඇතිවන වෙනත් ප්‍රදාහ තත්ත්වයන්

*ජානමය හේතුන් මත

පිටතින් ඇස දෙස බැලීමේදී ඇස සුදු පැහැයෙන් දර්ශනය වීම ඇසෙහි සුද ඇති වීමක් නොවෙයි .

මෙය විශේෂයෙන්ම වයස අවුරුදු 6 - 8 ක් පමණ සුනඛයන්ගේ ඇතිවන රෝගී තත්ත්වයන් (Lenticolar Sclerosis)නිසා කාචයෙහි නිල් අළු පැහැයක් ගැනීම හෝ අව පැහැ ගැනීමක් දැකිය හැකියි.

මේ තත්ත්වය ඇසේ සුද ඇතිවීමට සමාන ලක්ෂණ පෙන්වුවත් ඇසෙහි සුද ඇතිවීම නොවෙයි.

මෙහිදී පෙනීමේ යම් දුර්වලතාවයක් ඇති වුවත් ඇස් අන්ධ වීමක් සිදුවන්නේ නැහැ.

අක්ෂි ගෝලය මතුපිට ඇතිවන තුවාල ආදිය නිසාද ඇස් නිල් -සුදු පැහැයෙන් දිස්විය හැකි අතර එවැනි තත්ත්වයන් ඇසේ සුද ඇතිවීමේ තත්ත්වයෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකියි.

ඇසේ සුද ඇතිවීමට කළ හැකි හොදම ප්‍රතිකාරය ශල්‍යකර්මයක් මගින් අලුතින් කාචයක් සවිකිරීම වුවත් අප රටේ එවැනි පහසුකම් නොමැති නිසා යම් පෙනීමක් ලබාදීමට ශල්‍යකර්මයක් සිදුකිරීමට හැකි බැවින් ඔබේ පශු වෛද්‍යවරයා වෙත සුරතලාව රැගෙනයාග ඔබට කළ හැකියි.

✳කන් පෙත්තෙහි රුධිරය එකතු වීමෙන් ඉදිමීම්(Aural Hematoma)

මෙම රෝග තත්ත්වයතරමක් වෙනස් වැඩිපුර අසන්නට නැති මෙම රෝගය එල්ලා වැටෙන කන්පෙති ඇති සුනඛයන්ගේ බහුලව දකින්නට පුළුවන්.

මේ රෝගය බොහෝ විට වැලඳෙන්නේ වයස අවුරුදු 6- 8ත් අතර මැදිවියේ පසුවන සුනඛයන්ටයි.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

රෝගය ඇතිවන ආකාරය

කන් පෙත්ත සෑදී තිබෙන්නේ කන් පෙත්තට ලැබෙන් කාටිලේජත් එය වටා පවතින සමෙනුත්ය.

කපෙත්තේ ඇතුළු පැත්තේ පවතින කාටිලේජය සමග තදින් බැඳී පවතින අතර පිට පැත්තේ ඇති සමෙහි කාටිලේජ සමග ලිහිල්ව බැඳී පවතී.

කන් පෙත්තෙහි පිට පැත්තෙහි පවතින රුධිර වාහිනියේ ශාකා කාටිලේජය හරහා කන් පෙත්තෙහි ඇතුළු පැත්තට යොමු වේ කනේ ආසාදනයක් හෝ වෙනත් අසාත්මිකතාවක් වැනි හේතුවක් නිසාවෙන් ඇතිවන අධික කැසීම හේතුවෙන් වේගයෙන් හිස හා කන් පෙත්ත සෙලවීම නිසාත් අත් පා භාවිත කරමින් කැසීම නිසාත් මෙම රුධිර වාහීනී වලට හානි පැමිණීමෙන් රුධිරය පිටතට වහනය වීම සිදු වේ.

මෙලෙස වහනය වන රුධිරය බොහෝ විට කන් පෙත්තෙහි ඇතුළු පැත්තේ සමත් කාටිලේජයත් අතර තැන්පත් වීම නිසා කන් පෙත්ත ඉදිමෙයි.

රුධිර වාහිනිවලට හානි වීම නිසා රුධිර වහනය වීමකට අමතරව ප්‍රදාහයක දී වන ආකාරයට දියර එකතු වීමකින් කන් පෙත්ත ඉදිමීම ද සිදුවිය හැකි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

ප්‍රතිකාර

* මෙම තත්ත්වය ඇති වූ විට හිස කැසීම හා කන් කැසීමට හේතු වූ වෙනත් හේතු (බාහිර කනෙහි ආසාදන) පවතීද යන්න සොයා බැලීම සිදු කළ යුතුය.

* ශල්‍ය කර්මයක් මගින් රුධිරය ඉවත් කිරීමත් කන් පෙති කාටිලේජය සමග එකතු කිරීමත් සිදු කරනු ලබයි.

මෙම රෝගයට නිසි කලට ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් වන්නේ කල්යාමත් සමග රුධිරය පිරුණු අවකාශයේ තන්තුමය පටක ඇතිවීමෙන් කන්පෙත්ත ඝන වීම හා විකෘති වීමත් සිදුවිය හැකි බැවිනි.

මෙසේ වීම නිසා එහි බාහිර ශ්‍රවණ නාළය යම් ප්‍රමාණයකට අවහිර වන අතර නිතර බාහිර කනෙහි ආසාදන ඇතිවීමත් සිදුවිය හැකිය.

කල් ගත වීමත් සමග තන්තු පටක බැඳී කන් පෙත්තෙහි ඝනකම හා හැඩය වෙනස්වීම සිදු වුවහොත් ශල්‍යකර්ම මගින් එය නිවැරදි කිරීම ද අසීරු වෙයි.

✳හෘද රෝග


හෘද රෝග කියන්නේ අපි කවුරුත් සැලකිලිමත් වන රෝග තත්ත්වයක්. නමුත් අපිට විතරක් නෙවෙයි, හෘදරෝග සුනඛ සුරතලුන්ටත් ඇතිවෙන්නට පුළුවන්.

 හෘදරෝග ඇතිවීමට කලින් විවිධ රෝග ලක්ෂණ මගින් ඒ බව පෙන්වන නිසා ඔබට කලින්ම ඒ බව හඳුනා ගන්නට පුළුවන්. මන්ද දිගු කාලීනව පවතින කැස්සක් වුවත් හෘද රෝගය වැලඳීමේ ලක්ෂණයක් වන්නට පුළුවන්.

කැස්ස ස්වසන අපහසුතා තරල රැස්වීම නිසා උදරය විශාල වීම (ascites) පාද ඉදිමීම ව්‍යායාමවලදී ඉක්මනින් වෙහෙසට පත්වීම ශරීර ශක්තිය දුර්වල වීම සිහිසුන් වීම (Syncope) ආදී රෝග ලක්ෂණ හෘද රෝග පවතින සුරතලුන්ගෙන් දැක ගන්නට පුළුවන්.

*කැස්ස ඇතිවීම

කැස්ස ඇති වීම හෘද රෝග පවතින සුනඛයන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණයක්. මෙහිදී ඇතිවන කැස්ස හඬින් වැඩි (Loud) රළු (Hursh) වියළි (Dry) ස්වාභාවයක් පෙන්වන අතර මෙ කැස්ස වතුර බීම ව්‍යායාම කිරීමත් සමග ඉක්මනින් මතු වන්නට පුළුවන්.

නමුත් මෙම රෝග ලක්ෂණ පෙන් වූ පමණින් හෘද රෝගයක් පවතින බවට නිගමනය කරන්නට බැහැ.

හෘද රෝග පවතින සුනඛයන්ගේ කැස්ස ඇති වීම සිදුවන්නේ හෘදය විශාල වීමෙන් ස්වසන මාර්ගය අවහිර වීම නිසා සහ පෙනහළු ඉදිවීම නිසයි.

*ස්වසන අපහසුතාවය

හෘද රෝග නිසා ඇතිවන පෙනහලු ඉදිවීමත් ප්ලුරා අවකාශ තුළ තරල පිරිමත් නිසා ස්වසන අපහසුතාවය ඇතිවීම හැකිය.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

*තරල එක රැස් වීම නිසා උදරය විශාල වීම

හෘදයේ දකුණු පස ක්‍රියාකාරිත්වයේ ගැටලු ඇති වීම නිසා උදරයේ තරල එකතු වීම සිදුවනවා.

මේ නිසා උදරය අසාමාන්‍ය 3 ලෙස විශාල වීමත් මේ හේතුවෙන් ස්වයං අපහසුතාවයන්ද ඇති විය හැකිය.

*ව්‍යායාම වලින් ඉක්මනින් වෙහෙසට පත් වීම

හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාළ වීම නිසා පටක වලට අවශ්‍ය ඔක්සිජන් අඩු වේ.

ඒ නිසා ව්‍යායාම කිරීමේදී සුනඛයන් ඉතා ඉක්මනින් වෙහෙසට පත්වෙයි.

සිහිසුන්ව වැටීම (Syncope)

මෙහිදී මොළයට ලැබෙන ඔක්සිජන් හා ග්ලූකොස් අඩු වීම න නිසා මෙම තත්ත්වය ඇතිවන අතර ඉතා කෙටි කලකින් නැවතත් යථා තත්ත්වයට පත්වෙයි.

ඉහතින් සඳහන් කරපු ලක්ෂණ ඔබේ සුරතලාට තිබෙනවා න් නම් ඒ සඳහා හේතුවිය හැකි රෝග තත්ත්වයන් පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

හෘද රෝගයන් නිසා ඇතිවිය හැකි වගේම වෙනත් රෝග තත්ත්වයන් විම නිසාත් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කිරීම මගින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරගන්න පුළුවන්.

✳සුරතලාට දියවැඩියාවද වැලදිය හැකි බව ඔබ දැන සිටියාද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ක්‍රියකාරී වීම ආදිය නිසා මෙම සෛල විනාශ විය හැකිය. මෙමගින් ඉන්සියුලින් නිපදවීම අඩුවන අතර රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යයි.

රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යාම නිසා වැඩිපුර මුත්‍රා පිටකිරීමත්, වැඩිපුර ජලය පානය කිරීමත් වැනි ලක්ෂණ ඇතිවී පෙන්විය හැකිය. මුත්‍රා පිටකිරීමෙහි චාර්යා වෙනස් වෙයි.

කෑම රුචිය වැඩි වන අතර දේහ බර අඩු වීමද දියවැඩියාවෙන් පෙලෙන සුනඛයන්ට දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වෙයි.

කෙසේ වුවද බරපතළ සංකූලතාවක් නොපෙන්වන විට බොහෝ සුනඛයන් නිරෝගී සුනඛයකුගේ ලක්ෂණ පෙන්වයි. නමුත් බැක්ටීරියා ආසාදන වැනි සංකූලතා ඇති සුනඛයන් රෝගී ලක්ෂණ පෙන්වන්නට පුළුවන්.

දියවැඩියාව පවතින සුනඛයන්ගේ මුඛයෙන් ඇතැම් විට ගන්ධයක් වහනය වීම සිදුවෙ ආහාර අරුචිය, දැඩි වමනය, සිරුර අප්‍රාණික වීම ආදිය මෙහිදී ඇතිවිය හැකිය.

දියවැඩියාව පවතින සුනඛයන්ගේ විවිධ සංකූලතා නිසා මතුවන රෝග තත්ත්වද පවතියි.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

ඇසෙහි සුද මතු වීම මෙහිදී ඇතිවිය හැකි රෝග තත්ත්වයකි. සිරුරෙහි ග්ලුකෝස් මට්ටම, ඖෂධ වලින් පාලනය කරන විට ඇසෙහි සුද ඇතිවීම ඉතා ඉක්මනින් මතු විය හැකිය.

ඇස් වියළී යාම දුෂ්ටි විතානයේ සෛල විනාශ වීම ආදිය ද සිදුවිය හැකිය.

දියවැඩියාව පවතින සුනඛයන්ගේ ප්‍රතිශක්තිය අඩුවන බැවින් බැක්ටීරියා ආසාදන ආදිය පහසුවෙන් ඇති විය හැකිය.

එසේම අක්මාවෙහි, සමෙහි මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාද ඇති වීමට වැඩි ඉඩකඩක් පවතියි.

එබැවින් ඉහතින් සඳහන් රෝග ලක්ෂණ ඔබගේ සුනඛයා පෙන්වන්නේ නම් ඒවා හඳුනාගෙන ප්‍රතිකර ඇරඹීම වඩාත් යෝග්‍ය වේ.

✳අපස්මාර රෝගය


මේ රෝගය අපේ සුරතලාට ඇතිවෙන්න පුළුවන් කියලා අපි ඒ තරම් දැනුවත්ව නොහිටිත් අපස්මාර රෝගය අපට වගේම අපේ සුරතලාටත් ඇතිවෙන්න පුළුවන්.

මෙය සුනඛයින්ට බහුලව ඇතිවෙන රෝග තත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්, සුනඛ ගහනයෙන් 0.5 - 5.7 ක ප්‍රතිශතයකට මෙම තත්ත්වය ඇතිවන බව සොයාගෙන තිබෙනවා.

මොළයෙහි පවතින රෝග තත්ත්වයක් නිසා වගේම මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන වෙනත් අවයව පද්ධතීන්ගේ රෝග නිසා සුනඛයන් අපස්මාර ලක්ෂණ පෙන්විය හැකියි.

අක්මාවේ හා වකුගඩු රෝග නිසාත් ඇතැම් විට සුනඛයින් අපස්මාර රෝග ලක්ෂණ පෙන්වන්නට පුළුවන්.

අපස්මාර රෝගයට තවත් හේතුවක් වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වීම, කැල්සියම් සාන්ද්‍රණය අඩු වීම වගේම තයිරොයිඩ් හෝමෝන අඩු වීමයි.

විෂ ද්‍රව්‍ය ආදිය නිසාත් අපස්මාරය ඇතිවන අතර ඊයම්. ඔගැනෝ පොස්පේට්, කැෆේන්, නියෝබ්‍රෝමයින් ආදිය සුනඛයාට විෂ විය හැකි අතර එමගින් ද අපස්මාර ලක්ෂණ පෙන්විය හැකිය.

මීට අමතරව අපස්මාර රෝගයට සිරුරෙහි උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමත් බලපෑ හැකියි.

ඩිස්ටෙම්පර් වැනි වෛරස ආසාදන, තයමින් උනෙතාවය වැනි පෝෂණ ගැටලු මෙන්ම පිළිකා වැනි මොළයේ ඇතිවන දරුණු රෝගාබාධ නිසාද අපස්මාර රෝග ලක්ෂණ වැලඳෙයි.

නමුත් සමහර අපස්මාර රෝග ලක්ෂණ පෙන්වීමට පැහැදිලි හේතුවක් පවතින්නේ නැහැ.

ඔබේ සුරතලා අපස්මාර රෝග ලක්ෂණ පෙන්වනවා නම් එය පෙන්වන වාර ගණන එක් වාරයකදී කොපමණ වේලාවක් එම ලක්ෂණ පෙන්වනවාද යන්න ආදිය නිරීක්ෂණය කර ඒවා මතක තබාගෙන පශුවෛද්‍යවරයකුට පැවසීම වැදගත්.

එමෙන්ම එහිදී දැකිය හැකි ලක්ෂණද පැහැදිලිව මතක තබාගත යුතුයි.

එය වැදගත් වන්නේ සුරතලාට ඇත්තේ අපස්මාර තත්ත්වයක්ද නැතිනම් වෙනත් රෝග ලක්ෂණද යන්න වෙන්කර ගැනීමට එය වැදගත් වන නිසයි.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

අපස්මාර රෝග ලක්ෂණ පෙන්වන සුනඛයන්ට හට රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාවේදී නිදහස් පරිසරයක් ලබාදිය යුතු අතර වැර යොදා එම ලක්ෂණ පාලනය කිරීමට යාම උචිත වන්නේ නැහැ.

මොළයෙහි මෙන්ම වෙනත් අවයව පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයෙහි ගැටලු නිසාද මෙම රෝග ලක්ෂණ පෙන්වන බැවින් පය වෛද්‍යවරයකු වෙත සුරතලා ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ හැසිරීම සහ එදිනෙදා ජීවන රටාව පිළිබඳ විමසිලි මත්ව සිටීමෙන් ඔහුගේ රෝගී තත්ත්වයන් ගැන වැටහීමක් ලබා ගැනීමට ඔබට පුළුවන්.

එවිට ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබා දීමට ඔබට හැකියාව ලැබේවී නිවෙසේ සුරතලා නිරෝගීව සොඛ්‍ය සම්පන්නව සිටීම ඔබට මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ටත් සතුටක් මෙන්ම සැනසීමක්

ඔබේ ආරක්ෂකයා මෙන්ම සමීප සුරතලාගේ රෝග පිළිබඳ දැනුවත් වෙමු.. | Be Aware Of Your Pet S Diseases

පුවත්පතකින් උපුටා ගන්නාලදී.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%