අල්ලස් ගන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට සිදුවූ දේ..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, රුපියල් 9000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලොන්නරුව කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි.
කොමිසම සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් පෙරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවට වාර්තා වන බවයි.
මින්නේරිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේදී අදාල අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ගෙන තිබේ.
සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |