නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට විශේෂ දැනුම්දීමක්..!
අද දිනයේ සිදුවූ සිදුවීම් අනුව තවදුරටත් මෙරට ජනාධිපතිවරයා ලෙස ඇති බලතල, රාජකාරි සහ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට හැකියාවක් ඇත්ද යන්න පිළිබඳ සලකා බලන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ විධායක කමිටුව අවධාරණය කරන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ආරක්ෂාකාරි පැවැත්මක් සහතික කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, කැබිනට් අමාත්‍යවරුන් සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වහා කටයුතු කළ යුතු බවයි.
විරෝධතාවයේ නිරත මහජනතාවට තවදුරටත් කිසිදු හානියක් නොකිරීමට වගබලාගන්නා ලෙස ද නීතිඥ සංගමය පොලීසියට සහ ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, නීිතිඥ සංගමය අරගලයේ නිරත විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මහජන දේපල වන ඓතිහාසික වටිනාකමක් සහිත ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ දේපල ආරක්ෂා කරන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |