යළි බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට?..අගමැති කරන්න සූදානමක්?..
Parliament of Sri Lanka
Basil Rajapaksa
Sri Lanka Podujana Peramuna
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා සාකච්ඡාවක් එම පක්ෂය තුළ සිදුව ඇති බව මෙරට ප්‍රධාන ගුවන් විදුලිය නාලිකාවක් වාර්තා කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් සිදුකර ඇති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ එසේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම හෝ විසිඑක් වන සංශෝධනයට නැවතත් සංශෝධනයක් ගෙන ඒම හෝ සිදු කළ යුතුව ඇති බවයි.
ජාතික ලැයිස්තුවෙන් පත් ව සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බැසිල් රාජපක්ෂ මහතාට ඉඩ ලබාදීම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද ඔවුන් සාකච්ඡා වී ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |