ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය බැසිල්ට.

Basil Rajapaksa President of Sri lanka
By Wayomi Apr 01, 2023 11:08 AM GMT
Report

බැසිල් රාජපක්ෂ විසින් කපුටු කූඩුව සකසමින් පිරිස එක් කරගැනීමත්, එමගින් ඉදිරියේ දී ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හීන දකිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ, රැළියක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා කියා සිටියේ, ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වන පූර්ව සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙතට ද බැසිල් රාජපක්ෂ විසින් පිරිස එක් කර රැස්වන ලෙසට දැනුම්දී ඇති බවයි.

ඒ අනුව බැසිල්ගේ මෙම බලාපොරොත්තුවත් සමගින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට තවදුරටත් ජනාධිපති ධුරය රැක ගැනීමට නම්, අනිවාර්යයෙන්ම පිරිසක් අවශ්‍ය බැවින් මේ වනවිට පිරිස රැස්කර ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේග කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් ඇති බවයි වසන්ත සමරසිංහ චෝදනා කරන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW