මේ දිනවල මිනිසුන් වැඩියෙන්ම ගැවසෙන පෝලිමක, එසේත් නැත්නම් මහමග, පුද්ගලයෙකු ඇදවැටී සිටියහොත්, "..එක තත්පරයක්වත් නාස්ති නොකර, ඔහු හෝ ඇයව බේරා ගැනීමට ඔබ කල යුතුම දේ.." (VIDEO/PHOTOS)

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 07, 2022 07:51 AM GMT
Report


තෙල් පෝලිමේ වාහනේට වෙලා සිහි මදගතියකින් ඉන්න මේ පුද්ගලයාට ඒ වෙලාවේ එතන ඉන්න කට්ටිය එකතු වෙලා යම්තාක් දුරට පපු තෙරපුමක් දීලා ඒ මනුස්සයාගේ සිහිය ගන්න උත්සහ කරනවා වගේ දෙයක් තමයි මට පෙනුනේ. .

මේ වගේ දේකට ඔයාලට මුහුන දෙන්න උනොත් එකපාරම මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බෑ නේද ??? . . දියුනු රටවල් වල නම් ඉස්කෝල වලදිම මේවා කියාදෙනවා.ඕන කරන instrument සමහර තැන් වල පාර අයිනේ තියෙනවාත් එක්ක. ඒත් ඉතින් අවාසනාවකට ලංකාවේ එහෙම දෙයක් කියාදෙන්නවත් ඉස්කෝලේ syllabus එක්කට දාන්නවත් හිතලා නෑ... . .

Basic Life Support/BLS

හිතන්න එක පාරටම ඔයා මනුස්සයෙක් පාරේ වැටිලා ඉන්නවා දකිනවා.එක්කෝ තෙල් පෝලිමේ ඉද්දී වාහනේ ඇතුලේ කෙනෙක් සිහි නැතුව ඉන්නවා දකිනවා.

ඊලගට මොකද්ද කරන්නේ.... Phone එක අරන් වීඩියෝ කරන එකද ?? නෑඒ ගොන් වැඩ නම් කරන්න එපා. මුලින්ම කරන්න ඕන උදව් ඉල්ලන එක..තව දෙතුන් දෙනෙක් එතනට ගෙන්න ගන්න.. එක්කෙනෙක් Leadership එක ගන්න.

(1990 ට Call එකක් දෙන්න කියන්න තව කෙනෙක්ට.නැත්නම් වාහනයක් කතාකරගන්න ලගම තියන හොස්පිටල් එකට යන්න)

ඊට පස්සේ ඒ පුද්ගලයාව පුලුවන් තරම් තැනිතලා බිමකට ගන්න.හොදින් හාන්සි කරවන්න.. කතා කරලා බලන්න..හොදින් බලන්න ඒ පුද්ගලයා හුස්ම ගන්නවද කියලා.ඒ අතරෙම බලන්න නාඩි වැටෙනවද කියලා.. (නාඩි බලන විදිය දන්නවා ඇති කියලා හිතනවා)

හුස්ම ගන්නෙත් නැත්නම් නාඩි වැටෙන්නෙත් නැත්නම් එයාගෙන් කිසිම response එකකුත් නැත්නම්... ඔන්න ඔයා පටන් ගන්න ඕන පපු තෙරපුම(Chest Compression) නාඩි වැටෙනවා නම් මේවා කරන්න එපා.(පහතින් රූප සටහන් දක්වා තිබේ)

තත්පරයක්වත් miss කරගන්නත් එපා.තත්පරෙත් වටිනවා.. ⏱⏱ දැන් වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා මේ පුද්ගලයාගේ Heart එක නැවතිලා Brain එකට Blood යන එක නැවතිලා තියෙන එක.

අපි කරන්න ඕන ටක්ගාලා නැවතුන Heart එක Start කරගෙන Brain එකට Blood supply එක දෙන එක. තමන්ගේ අත්දෙක එකට කරලා (හුරු අත උඩ නුහුරු අත හරි පහසු විදියකට) හාන්සි කරලා ඉන්න කෙනාගේ පපුව පහලට වෙන්න මැද්දෙන් තියලා හොදින් තෙරපන්න ඕන.

විනාඩියකට 120 වතාවක් වගේ වෙන්න frequency එකකින් එහෙම පපු තෙරපුම් 30 වතාවක් දෙන හැම වෙලාවෙම තව කෙනෙක්ට කියන්න ඒ පුද්ගලයාගේ නහය වහගෙන මුඛයට මුඛය තියලා හුස්ම දෙපාරක් දෙන්න කියලා.කෘතිම ශ්වසනය දෙන විදිය දන්නවා ඇති කියලා (පහතින් රූප සටහන් දක්වා තිබේ)

මතක තියාගන්න පපු තෙරපුම් 30යි ශ්වසන වාර 2යි. 30:2 අනුපාතෙට හරි..

ඔහොම කොච්චර වෙලා කරන්න ඕනද ???

පපු තෙරපුම් දෙන ගමන් ඒ පුද්ගලයාගේ නාඩි වැටෙනවද බලන්න සැරෙන් සැරේට.නාඩි වැටෙන්න පටන් ගත්ත කියන්නේ Heart එක ආයෙත් Start උනා කියන එක.ඔයා සාර්ථකයි. නැත්නම් 1990න් එනකල්වත් වැඩේ continue කරන්න.at least 20minutes වැඩේ තේරෙන්න ඇති කියලා හිතනවා.

මතක තියාගන්න.නාඩි වැටෙන හුස්ම ගන්න ක්ලාන්ත හැදුන අයට එහෙම මේවා කරන්න යන්න එපා

සටහන - වෛද්‍ය නලින් සඳරුවන්

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery