කාන්තාවන්ටම විශේෂිත වූ බාතෝලියන් ඇබ්සිස් රෝගය ගැන ඔබ දැනුවත්ද?

By Wayomi Aug 31, 2022 05:08 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ කියන්න යන්නේ කාන්තාවන්ට පමණක් අවේණික වූ රෝගී තත්වයක් ගැනයි. ඒ, කාන්තාවන්ගේ බාහිර ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ඇති වන රෝගී තත්වයක් වන "බාතෝලියන් ඇබ්සිස්".

👩‍⚕️ බහුලවම කාන්තාවන්ගේ දැකිය හැකි රෝගයක් තමයි බාතෝලියන් ඇබ්සිස් රෝගය.මෙය බාතෝලින් සිස්ටි ලෙස ද හඳුන්වනවා.

👩‍⚕️ කාන්තාවගේ බාහිර යෝනි මාර්ගයේ විවරය දෙපස තියෙනවා. ලේවියා මයිනෝරා සහ ලේවියා මැජෝරා කියලා හඳුන්වන තොල් දෙකක් වැනි අවයවයක්.

👩‍⚕️ විශේෂයෙන්ම මෙහි ඇතුළත බාහිර ලිංගේන්ද්‍රියේ තෙතමනය ඇති කරන ශ්‍රාවයක් නිකුත් කරන ග්‍රන්ථියක් පිහිටා තිබෙනවා. මෙය හරියට ස්වේද ග්‍රන්ථියක් වගෙයි.

👩‍⚕️ සමහර අවස්ථාවල මෙම ග්‍රන්ථිය අවහිරවීමකට ලක් වෙන්න පුළුවන්.

👩‍⚕️ මෙම අවහිරතාවයට විවිධ හේතුන් බලපාන්නවා.

👩‍⚕️ බැක්ටීරියා ආසාදනයක් හෝ වෙනත් අවහිරතාවයක් මෙයට බලපාන්න පුළුවන්.

👩‍⚕️ 90% පමණ මෙම ග්‍රන්ථිය අවහිර වෙන්න බලපාලා තියෙන්නේ බැක්ටීරි ආසාදන තත්ත්වය කියලයි හඳුනාගෙන ඇත්තේ.

👩‍⚕️ මෙසේ අවහිරවීමෙන් ගෙඩියක් ඇති වෙනවා. මෙම ගෙඩිය නිසා අධික වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවල සැරව පවා පිටවෙන්න පුළුවන්..

👩‍⚕️ මෙතනදී වෛද්‍යවරුන් කරන්නේ ශල්‍යකර්මයකට භාජනය කරලා එම ග්‍රන්ථිය විවර කරලා තබා ගැනීමයි.

👩‍⚕️ ලිංගික සංසර්ගය පහසු කිරීමට මෙම ශාවය උපකාරී වෙනවා.

👩‍⚕️ සාමාන්‍යයෙන් මෙම තත්ත්වය මූලික අවස්ථාවේ තියෙනවා නම් වෛද්‍යවරයා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ මගින් තත්ත්වය පාලනය කළ හැකියි.

👩‍⚕️ අවුරුදු 65ට වැඩි කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වෙනවා නම් වෛද්‍යවරු වඩාත් සැලකිලිමත් වෙන්නේ පිළිකාමය තත්ත්වයන් වළක්වා ගත යුතු නිසයි.


මෙය වළක්වා ගන්නේ කෙසේද?

👩‍⚕️ සතියකට සරයක් වත් ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම.

👩‍⚕️ Hygiene wosh එකක් භාවිතා කිරීම.

👩‍⚕️ ලිංගික සංසර්ගය එක් අයෙකුට පමණක් සීමා කිරීම.

👩‍⚕️ සංසර්ගයෙන් පසු මුත්‍රා පිට කර පිරිසිදු කිරීම.

👩‍⚕️ ටයිට්සෝට් වැනි සම්පුර්ණයෙන් එම ප්‍රදේශය ආවරණය වන යට කලිසම් ඇදීමෙන් වැලකීම.

👩‍⚕️ කොන්ඩම් වැනි කෘතීම දේවල් භාවිතා කිරීමට වැළකීම.

- හෙද නිලධාරිනී ඉශා කල්පනා - 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW