නීතිඥ සංගමය පත් කළ විශේෂ කමිටුව..

Sri Lanka Bar Association of Sri Lanka
By Sewvandhi Apr 05, 2023 03:58 PM GMT
Report

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවයි.

නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවය.

එමෙන්ම නීතිඥ සංගමයේ පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවයි.

එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now