තරුණ තරුණියන්ට බැංකු වලින් අඩු පොලියට විශේෂ ණයක්..මුලින්ම ලැබෙන්නෙ මේ අයට..

The Bank of Ceylon Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna May 15, 2023 12:47 AM GMT
Report

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

වගා කටයුතු සඳහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් ලෙස මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එම ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබාදීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

එහි මුල් අදියර තුළ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50 දෙනෙකුට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කර තිබේ.

කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට තමන් කැමැති සුදුසු වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now