ප්‍රථමයෙන්ම රාජ්‍ය සේවකයින්ට ලැබෙන සහනය..

Bandula Gunawardane Sri Lanka Cabinet Government Of Sri Lanka
By krishani Mar 14, 2023 09:19 AM GMT
Report

රාජ්‍ය ආදායම් ඉදිරියේ දී ඉහළ ගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

එහිදී අදහස් දැක් වූ ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,

"රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණයි මේ බද්දට යටත් වෙන්නේ. අනික් සියයට 90ක රාජ්‍ය සේවකයින්ට මේ බද්ද අදාළ වෙන්නේ නෑ. ඒ නිසා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මේ ඇති කරපු ප්‍රතිසංස්කරණවලින් ප්‍රථමයෙන්ම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ රාජ්‍ය සේවකයින්ට.ඔවුන්ගේ දීමනා ආදිය බද්දට යටත් වීම පිළිබඳව වෙනම කමිටුවක් විසින් සළකා බලාගෙන යනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.