වැසිකිලියේ දමා ගිය බිළිදාගේ මව අත්අඩංගුවට ගත් පොලිස් ලොක්කාට එරෙහිව පරීක්ෂණයක් - හේතුව මෙන්න..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 12, 2023 10:19 AM GMT
Report

පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින්, බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම්රියෙහි වැසිකිළියේ තිබී හමු වූ බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් අවස්ථාවේ දි සැකකාරිනියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක්.

එනම්,සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකාරිනිය අපහසුතාවට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම, සිද්ධිය සම්බන්ධයෙන් සැලකිල්ලකින් තොරව විමර්ශනය කිරීම, ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙනුයි අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now