"..එයාපෝට් එකේ බෝම්බයක් තියෙනවා.." සියල්ලන් බිය වද්දමින් පොලිසියට විහිළු කළ පාසල් සිසුවා..!
Sri Lanka Police
Bandaranaike International Airport
Sri Lanka
By Sewvandhi
ගුවන්තොටුපල පොලිසිය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට බෝම්බ තර්ජනයක් එල්ලවී ඇති බවට ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පාසල් සිසුවා පෙරේදා කටුනායක ගුවන්තොටුපොළේ හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී එහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් තොටුපොළ බලධාරීන් විසින් එම පර්යන්තය පරීක්‍ෂා කරන විට සිසුවා විනාඩි කිහිපයකින් නැවත කතා කර බෝම්බ තර්ජනයක් නොමැති බවත් එය විහිළුවක් බවත් දන්වා තිබෙනවා.
තම ක්‍රියාවේ බරපතලකම පිලිබඳව දැඩි සේ අවවාද කිරීමෙන් අනතුරුව ඔහු පොලිස් භාරයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |