ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක්..!

Sri Lanka Police Sri Lanka Bandaragama
By Sewvandhi Mar 13, 2023 12:47 PM GMT
Report

පෙරේදා (12) සවස බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් පහර දී ඇති බව පොලීසිය සදහන් කරනවා. පහරකෑමට ලක්වූ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.

එනම්, බණ්ඩාරගම පොදු වෙළෙඳපොළ ගොඩනැගිල්ලෙහි පිහිටා තිබෙන ප්‍රාදේශීය සභා කාර්යාලයේ පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස නවතා තිබූ මෝටර් රථයක් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට මෙම ආරක්ෂක නිලධාරියා විසින් මෝටර් රථයේ සිටි පිරිසට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

නමුත් ඔවුන් එය නොසලකාහැරීම හේතුවෙන් නැවත වරක් ආරක්ෂක නිලධාරියා ඔවුන්ට දැනුම් දී ඇත්තේ මාර්ගය අවහිර වන බැවින් සිය මොටර් රථය එම ස්ථානයෙන් ඉවතට ගන්නා ලෙසටය. එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි පිරිස පිටතට පැමිණ ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.

පසුව ඔවුන් මෝටර් රථයේ නැග එම ස්ථානයෙන් පළා ගොස් තිබේ. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර..