“...මට බැහැ එයාට ඕන විදිහට - - ගලවගෙන නරක විදිහට හැසිරෙන්න..” - සැමියාගේ අසාමාන්‍ය ආශාවන් නිසා, අඩි 40ක් උස පාලමෙන් පැන්න, සුදු නෝනා හෙවත් චතුරාණි රෝහලේදී සිදුකළ ඇග හිරිවැටෙන හෙළිදරව්ව

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 04, 2023 03:57 PM GMT
Report

 ඊළඟට අපට අහන්නට ලැබුණේ අලුත්ගම පාලමෙන් පැන සියදිවි නසා ගැනීමට තැත් කළ බළන්ගොඩ චතුරාණිට සම්බන්ධ අනුවේදනීය කතාවය. මේ කතාවට අනුව ඇයත් දෙදරු මවකි. ඇයට සිටින්නෙත් පුතකු සහ දියණියකි. චතුරාණි විවාහ වී සිටින්නේ ගාල්ල උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ පුද්ගලයකු සමඟය.

“අපි දෙන්නා අතර හුඟාක් ගැටුම් තිබුණා. ඒ ගැටුම්වලට හේතුව එයාට තිබෙන අනියම් සබඳතා. ඔහු කාන්තාවන් කිහිපදෙනකු ඇසුරු කරනවා. හම්බ කරන මුදල් සියල්ල ඔවුන් වෙනුවෙන් වියදම් කරනවා. මට දරුවෝ එක්ක ජීවත් වෙන්න වියදම් කරන්නේ පුංචි මුදලක්.” මෙසේ කියමින් අප සමඟ එකතු වූයේ ඇදහිය නොහැකි ලෙස ජීවිතය බේරාගත් චතුරාණිය. 

 “මම දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මෙක්. මට බැහැ එයාට ඕන විදිහට ඇඳුම් ගලවගෙන දරුවෝ ඉස්සරහ නරක විදිහට හැසිරෙන්න.” “මේ මනුස්සයා මා එක්ක හුඟාක් රණ්ඩු කරන්නේ ඔය කාරණයට” චතුරාණි පොලිසියට ගොස් එසේ කීවේ ඔහු සමඟ ජීවත්වීමට වඩා නීතියෙන් වෙන්වීම සුදුසු බව වටහා ගනිමිනි. කෙසේ හෝ අවසානයේදී ඇය මේ සම්බන්ධව බළන්ගොඩ මහ ගෙදර සිටින තාත්තා සහ සොයුරා සමඟද කතා කළාය. ඔවුන්ගේ අවසරය අනුව ඇය ඊළඟට කළේ දික්කසාදය ඉල්ලා උසාවියට යෑමය.

“මම උසාවියට ගිහින් කිව්වා මේ මනුස්සයා මට දෙන වධ හිංසා ගැන. ඒ වගේම හිරමනයෙන් ඔළුව පැළෙන්න ගහපු එක ගැන. ඒ වගේම දරුවෝ ඉස්සරහ තියාගෙන කරන ලිංගික හිංසා ගැන. මේ හැම දෙයක්ම සලකා බලලා අපිට දික්කසාද වෙන්න අවසර දෙන්න ඔන්න මෙන්න කියලා තිබියදී ආපසු උසාවිය ඇහුවා සාමදානෙන් එකතු වෙලා ඉන්න කැමැතිද කියලා. එතකොට මෙයා කිව්වා එයා කැමැතියි කියලා. ඇත්තටම මේ මනුස්සයා එහෙම කිව්වේ බොරුවට. සල්ලි දෙන්න වෙයි කියලා. මොකද ඒ වෙද්දිත් මට මාසයකට සල්ලි දෙන එක අඩු කරලා තිබුණේ. දරුවන්ගේ වියදමට පුංචි ගාණක් දුන්නෙත් පොලිසිය මැදිහත් වුණු නිසා”

කෙසේ හෝ මේ පරිසරය තුළ අවසානයේදී චතුරාණිත් නැවත එක්වන්නට තීරණය කළේ දරුවන් ගැන සිතාය. “මම ඒ අනුව උසාවි නියෝගයෙන් දින දෙකකට පසුව අපේ ගෙදර එන්න හිතුවා. ඒ කියන්නේ පසුගිය පෙබරවාරි 26 වැනි ඉරිදා උදේ මහගෙදර ඉඳලා උෟරගස්මංහන්දිය නිවෙසට යන්න පිටත් වුණා. එහෙම ගිහින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න තමයි මට වුවමනා වුණේ.” චතුරාණිට එසේ යන්නට හැකි වුණේ පානදුරට පමණි. ඇයට එක්වරම ආ දුරකථන ඇමතුමකින් කියැවුණේ මෙවැන්නකි.”

“උඹ ගෙදර එන්න එපා! ආවොත් මරනවා. තොට වෙන්නේ දරුවෝ දෙන්නා එක්කම මැරෙන්න තමා!” මේ තර්ජනාත්මක දුරකථන ඇමතුම අවසන් වුණේ එසේය.

ඉතින් දරුවෝ එක්කම තෝත් මැරිය කියන තම ස්වාමි පුරුෂයාගේ සැර පරුෂ වාක්‍ය කිහිපයකින් පසුවය. “මට මේ තර්ජනයෙන් පසුව ජීවිතය එපා වුණා. මම අලුත්ගම පාලමට මෙහායින් බැහැල පාලම පැත්තට ගියා. ගිහින් ලොකු පුතාට කිව්වා “මම මැරෙනවා පුතේ ඔයා නංගිව බලා ගන්න” කියලා. මම එහෙම කියලා සෙරෙප්පු දෙක ගලවලා පාලමෙන් පැන්නා. මට එතැනින් එහාට මොකුත් මතක නැහැ දරුවෝ කෑගැහුවද කියලවත් මතක නැහැ. සිහිය එද්දි ඉස්පිරිතාලේ හිටියා. එච්චරයි.”

චතුරාණි අඩි 40ක් උස පාලමෙන් වතුරට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළත් එහි සිටි සංචාරක බෝට්ටු පදවන්නෙක් ඇය බේරා ගත්තේය. මේ බෝට්ටුකරුවා රැකියාවක් ලෙස සංචාරක බෝට්ටු කර්මාන්තයේ නිරත චතුරංගය. ඔහු දියෙහි ගසාගෙන ගිය චතුරාණි බේරා ගත්තේ දෙවරක් නොසිතාය.

මේ සිදුවීමෙන් පසුව රෝහල්ගතවූ චතුරාණිව බලන්නට ඇයගේ සැමියා පැමිණියේ නැත. ඒ වෙනුවට මිතුරියක මාර්ගයෙන් පණිවිඩයක් එවා තිබුණේ ‘ඕකි මැරිච්චදෙන්’ කියාය. “මම දැන් සුවෙන් ගෙදර ආවා. දරුවෝ මේවා ගැන මගෙන් ඇහුවේ නැහැ. දැන් මට දුකයි. ඒ මගේ දරුවෝ ගැන” චතුරාණි කඳුළු පිරි දෑසින් යුතුව කීවාය.

වසන්තගේ කතාවේදී වසන්තත් අරණායක ගෙදර අද්දර තිබූ අම්බලමක නතර වී එදා මහ රාත්‍රිය පසුවන තුරුම බලා සිටියේ ‘සුදු නෝනා’ එතැනට පැමිණ දරු පැටව් දෙදෙනා සමඟ ගිරිඋල්ල ගෙදරට යන්නට ඒවි යන අපිරිමිත බලාපොරොත්තුවකින් යුතුවය. එහෙත් ඇය ආවේ නැත. ඒ වෙනුවට කීවේ “කරන්න දෙයක් නැහැ මැරෙනවා නම් මැරෙන්න. 

ඒක දරුවන්ගෙත් කරුමය කියලා මම හිතනවා” යනුවෙනි. වසන්තගේ එල්ලා මැරෙන පණිවුඩයට ඇයගෙන් ලැබී තිබුණේ එවැනි ප්‍රතිචාරයකි. චතුරාණි තමන්ගේ ස්වාමි පුරුෂයා සමඟ එකගෙයි වසන්නට යන ගමනේදී ඇයට ලැබුණෙත් එවැනිම ප්‍රතිචාරයකි.

‘දරුවොත් එක්ක උඹත් මැරියන්’ මේ අමානුෂික ප්‍රතිචාරය ඉදිරියේ ඇය දිවි නසා ගැනීමට සිතා පාලමෙන් බිමට පැන්නාය. එහෙත් වාසනාවකට ඇයට දරුවන් සමඟ පනින්නට තරම් හිතක් පහළ වූයේ නැත. කෙසේ හෝ අපේ රටේ අඹුසැමියන් අතර සිදුවන මේ සියලු ප්‍රශ්න හමුවේ අසරණ වන්නේ ඔවුන්ගේ එකතුවෙන් බිහිවූ දරු පැටවුන්ය. ඒ දරු පැටවුන් තාත්තලාගේ වරදින් හෝ අම්මලාගේ වරදින් දඬුවම් ලබන්නේ දෛවයේ සරදම් හැටියටය. ඒ සරදම නොගැළපෙන කුසක ඉපදීමය. (සමන් ප්‍රියංකර නම්මුනිගේ - උපුටාගැනීමක්)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now