චන්දික සහ පියත් ගැන අධිකරණය දුන් නියෝගය..

Galle Face Protest Sri Lanka Galle Face Green Protest
By krishani May 11, 2023 01:22 PM GMT
Report

ඊයේ(10) පහරදීමේ සිදුවීමකට අදාලව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් චන්දික අබේරත්න සහ පියත් නිකේෂල යන අයව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

ඒ ඊයේ සවස, අරගලයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පියත් නිකේෂලට කොස්වත්ත ප්‍රදේශයේ දී පහරදීමේ සිද්ධියට අදාලව කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත පියත් නිකේෂල යන අය ද පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join