අද සිට සතියක් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.- තාරකා විද්‍යාඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්.

By Wayomi Jan 04, 2023 08:38 AM GMT
Report

අද (04) දිනයේ සූර්යයාට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙස තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවට දැනුම් දෙනවා.

ඒ, අද දිනයේ සූර්යයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන්.

මෙම හේතුවෙන්, හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති වීමේ හැකියාව පවතින බවයි විද්‍යාඥවරයා අවධාරණය කරන්නේ.

පෘථිවියෙන් සූර්යයාට වඩාත් ආසන්න වීම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන්.

මෙම අවස්ථාව " පෙරිහීලියන්" ලෙස හඳුන්වන අතර මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 9:30 ට උදා වෙනවා.

එලෙස රාත්‍රි 9:30 ට උදාවුවත් මීට පෙර සහ පසුව තවදුරටත් සූර්යයා පෘතුවියආසන්නව පවතිනවා.

සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යාට දුර කිලෝමීටර් මිලියන 150ක් පමණ වුවද අද දිනයේ පෘථිවිය සූර්යයාට කිලෝමීටර් මිලියන 5කින් පමණ ළංව පවතිනවා.

මෙම හේතූන් මත මෙම සතිය පුරාවටම උෂ්ණත්වය වැඩි වශයෙන් පැවතිය හැකි අතර අධික උෂ්ණත්වයෙන් වැළකීම සඳහා කුඩයක් රැගෙන යන ලෙසටත්,ජලය වැඩි වශයෙන් පානය කරන ලෙස ලෙසට, හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙසටත් විද්‍යාඥ අනුර සී පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW