ඕස්ට්‍රේලියාවේ කාසියකට ලැබුණු විරෝදය

By Sithumi May 06, 2023 05:13 PM GMT
Report

දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඕස්ට්‍රේලියාව විසින් නිකුත් කිරීම සම්බන්ධයෙන් වියට්නාමය දැඩිව විරෝධය පළකර තිබෙනවා.

  අදාළ කාසිය ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක ප්‍රවණතා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර ඇති වියට්නාමය එහි සංසරණය නතර කරන ලෙසයි ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇත්තේ විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඕස්ට්‍රේලියාව වියට්නාමයෙන් සිය හමුදා ඉවත් කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සීමා සහිත ඩොලර් දෙකේ කාසිය නිකුත් කර තිබෙනවා.  

මෙම කාසියේ ඉදිරිපස පැත්තේ දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ රූපයක් ද පිටුපසින් UH-1H හෙළිකොප්ටරයක් ද සංකේවත් කර ඇති බව සඳහන් වනවා.