නගර තුනක පිහිටි බැංකු තුනක කෝටියකට අධික ATM මුදල් සුද්දයක්..
දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ATM යන්ත්‍ර වලිනි.
ATM යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මෘදුකාංග වෙනස් කර එක් ATM යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් ගෙන ඇත.
තවත් යන්ත්‍රයකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් මෙලෙස සොරාගෙන ඇත.
විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක් වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇත.
මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් හික්කඩුව, ගාල්ල හා බද්දේගම යන පොලිස් ස්ථානවලින් විමර්ශන කටයුතු සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |