ලබන 15 වෙනිදායි අවසන් මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Shehan Semasinghe Sri Lanka Politician Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 10, 2024 10:50 AM GMT
Report

ලබන 15 වෙනිදායින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වේ.

ලබන 15 වෙනිදායි අවසන් මේ දේ ගැන ඔබ දැනුවත් ද?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Aswasuma Of Sri Lanka

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.

ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවති.

දෙවැනි අදියර යටතේ තෝරා ගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ හිමි කර ගන්නා මිලියන 2කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාව දෙවැනි අදියරේදී මිලියන 2.4 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙයි.

කෙසේ වෙතත්, ඒ සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර තිබෙනවා.