පියා ජනාධිපති වෙද්දි දුව ජනාධිපති ආර්යාව වෙලා - පළවෙනි වතාවට සිදුවුණ දෙය.. (PHOTOS)

Pakistan Latest Headlines Decision Making
By krishani Mar 11, 2024 07:24 AM GMT
Report

පකිස්ථාන ජනාධිපති ධුරය අසීෆ් අලී සර්දාරිට හිමිව තිබෙනවා.

පියා ජනාධිපති වෙද්දි දුව ජනාධිපති ආර්යාව වෙලා - පළවෙනි වතාවට සිදුවුණ දෙය.. (PHOTOS) | Asifa Daughter Of Pakistan President Asif Ali

ඒ අනුව පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ යන නමින් අසීෆ් අලී සර්දාරිගේ දියණිය අසීෆා බූතෝ හැඳින්වීමට තීරණය කර ඇත.

ඝාතනයට ලක් වුණු පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ සැමියා අසීෆ් අලී සර්දාරි වේ.

අසීෆ් අලී සර්දාරිට එක් දියණියක සහ පුතෙකු සිටියි.

පියා ජනාධිපති වෙද්දි දුව ජනාධිපති ආර්යාව වෙලා - පළවෙනි වතාවට සිදුවුණ දෙය.. (PHOTOS) | Asifa Daughter Of Pakistan President Asif Ali

සාමාන්‍යයෙන් රටක ‘ජනාධිපති ආර්යාව’ යන ධුරය ජනාධිපති ධුරයට පත් වන පුද්ගලයාගේ බිරිඳට පිරිනැමෙනු ඇත.

නමුත් සර්දාරිගේ බිරිඳ මියගොස් ඇති බැවින් ‘ජනාධිපති ආර්යාව’ ධුරය දියණියට පිරිනැමීමට සර්දාරි තීරණය කර තිබෙනවා.

ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පකිස්ථාන ‘ජනාධිපති ආර්යාව’ ලෙස දියණියක පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

කෙසේ වෙතත්, ඇයට පකිස්ථාන ජනාධිපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද හිමිවන බව සඳහන් වේ.