ලංකාවට රන් පදක්කමක් 2ක් සමග ලෝකඩ පදක්කමක්..!

Sri Lanka
By Sewvandhi Jun 05, 2023 10:43 AM GMT
Report

තරුෂි කරුණාරත්න විසින්, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට සමත් වූවාය.

ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි.

ඊයේ (04) තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට සමත්වූවාය.  

එමෙන්ම, දකුණු කොරියාවේ යෙචියොන් හිදී පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ අද (05) පැවැති මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්

මේ අතර, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට මලිත් යසිරු අද(05) සමත්වුණා.

ඒ මීටර 15 යි දශම 8 යි 02 දුර ප්‍රමාණයක් වාර්තා කරමින්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now