කැම්පස් එකේ අයියලා මට කොට ගවුම් ඇදන් එන්න එපා කිව්වා. – ආශා එදිරිසිංහ(PHOTOS)

Gossip Today Actors
By Sithumi Jan 20, 2023 06:35 PM GMT
Report

අපේ රටේ පුංචි තිරයේ ඉන්න අහිංසකාවිය තමයි ආශා එදිරිසිංහ කියන්නේ.ඇය රංගන ශිල්පිනියක් වශයෙන් මීට වසර ගණනාවක සිටම පුංචි තිරයේ,රිදී තිරයෙ, ගීත රූප රචනා සඳහා වගේම වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට සහභාගි වෙලා තියෙනවා. 

ඒ වගේම ඇය ගායනයටත් දක්ෂ වග මේ දිනවල දී ඇය විසින් ගායනා කරන ලද ගීතයෙන් ඔප්පු කර තිබුණා. ඉතින් පසුගිය දිනයක දී ඇය තමන්ගේ ආදරණීය මෑණියන් සමග ජීවිතයට ඉඩදෙන්න වැඩ සටහන සඳහා එකතු වෙමින් මේ විදිහට තමන්ගේ අදහස් දක්වා සිටියා. 

  “මම උසස් පෙළ ඉවර වුණ ගමන්ම තමයි කලා නිර්මාණ සඳහා සහභාගි වුණේ.ඒක නිසා ඒ කාලයේ මාව ගොඩක් අය දන්නවා.කොහොමහරි මම කැම්පස් එකට යන්න කලින් අයියලා අක්කලා ගෙන් ලියුම් පවා ඇවිල්ලා තිබුණා අපි ඔයාව පිළිගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා. 

ඒක නිසා හරිම සතුටින් තමයි පළවෙනි දවසෙ මම ගියේ.මම ඇත්තටම ඒ කාලයේ දී වුණත් හිටියේ හරිම ළමා මානසිකත්වයෙන්.චූටි කොට ගවුමක් ඇඳලා ඇඳල පැත්තකින් බෑග් එකක් දාගෙන අනිත් පැත්තෙ වතුර බෝතලය එල්ලගෙන තමයි කැම්පස් එකට ගියේ.  

ඊට පස්සේ අයියලා අක්කලා මට කතා කරලා හරිම තද විදියට කිව්වා මේක ඉස්කෝලයක් නෙවෙයි.ඒක නිසා ආයෙ ඔය විදියට ඇඳගෙන ඉන්න බෑ කියල. සාමාන්‍යයෙන් එය කාලයේ අයියලා මට ගොඩක් විහිළු කරනවා සහ එක එක දේවල් කියනවා.ඒක නිසා එක දවසක් මම ඒකෙන් බේරෙන්න ඕන නිසා කැම්පස් එකට අම්මා වත් එක්කගෙන අම්මගේ අතේ එල්ලිලා ගියා. 

ඊට පස්සේ මම යනකොට අයියලා ටිකක් පේලියට ඉඳගෙන හිටියා.ඒ වෙලාවේ නිකම් හිනාවුනා.ඊට පස්සේ ඇතුලට ඇවිල්ලා අම්මා ගියාට පස්සේ මට ඉතාමත් සැරෙන් කිවුවා මේක පොඩි ළමයි ඉන්නේ ඉස්කෝලයක් නෙමෙයිනේ අම්මලා එක්කගෙන එන්න බැහැ කියලා.” ඉතින් මේ විදියට තමයි ඇය තමන්ගේ අතීතය ගැන සතුටු ආවර්ජනයක් කර සිටියේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery