“ජනික් එන්නේ කතෝලික පවුලකින් මම එන්නෙ බෞද්ධ පවුලකින්, හැමදෙනාම ඔවුන්ගේම විවාහයක් වගේ අපිට උදව් කළා” (VIDEO )

By Sithumi Aug 21, 2022 05:12 PM GMT
Report

පහුගිය කාලයේ මෙරට කොයි කාගෙත් අවධානයක් හිමිකර ගත් විවාහ උත්සවයක් බවට නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන්ගේ ආදරණීය දියණිය අසේකා විජේවර්ධනගේ විවාහ උත්සවය පත්වුණා. 

ඇත්තෙන්ම මේ විවාහ මංගල්‍ය උත්සවය කලා ලෝකයේ අති දක්ෂ නර්තන ශිල්පියෙක් වන චන්න විජේවර්ධනයන්ගේ ආදරණීය දියණියගේ වීම නිසාවෙන්ම ඒ ගැන බොහෝදෙනෙකු වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා. 

 කොහොම වෙතත් අසේකා විවාහවෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ වැඩිමහල් දියණියගේ තෙවැනි පුතු වන ජනික් ජයසූරිය සමඟයි. ඇත්තෙන්ම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය කලා පවුල් දෙකක් තමයි මේ විදිහට එක්වෙලා තිබුණේ. 

ඉතින් අසේකා සිය ජීවිතයේ ගෙවෙන සුන්දරම කාල සීමාව ගැන පහුගිය දවසක පුවත්පතක් සමගින් එක්ව අදහස් දක්වලා තිබුණේ මෙලෙසයි. “විවාහයෙන් පස්සේ ආරම්භ කළ අලුත් ජීවිතයට අපි තවම හැඩ ගැහෙනවා. දැනට නම් ලොකු වෙනසක් නෑ ඒකට හේතුව අපි දැනට ඉන්නේ ජනික්ලගේ ගෙදර නිසා.

ලොකු පවුලක් වගේම ලස්සන පවුලක් තියෙනවා. ඒ වගේ මොහුගේ නිවස තියෙන්නෙත් මගේ නිවස අසලමයි. ඒ නිසා මම මගේ අම්ම තාත්ත බලන්නත් නිතරම යනවා. ඒ පවුලත් එක්ක ගත කරන කාලය හරිම සුන්දරයි” මේ විදිහට අසේකා සහ ජනික් එක්වෙන්නේ ඔවුන්ගේ හිතවත් ආන්ටි කෙනෙක්ගේ මාර්ගයෙනුයි. ඇත්තෙන්ම අසේකා වැඩිපුර ඔහුත් එක්ක කතා කරන්න කැමති වෙලා නැහැ

. ඉතින් පසු කාලීනව විවාහ මංගල්‍ය උත්සවයක් අතරතුර දී දෙන්නට දෙන්නා මුහුණට මුහුණ හම්බවෙලා කතාබහ කරන්න පටන් අරගෙන තිබෙනවා. කොහොම වෙතත් මේ විදිහට තමයි ඔවුන්ගේ මේ ආදරය පටන් අරගෙන තිබෙන්නේ. කොහොම වෙතත් ඇය කියන හැටියට මේ සම්බන්ධතාවයට ගෙවල් දෙකෙන් කිසිම විරුද්ධත්වයක් ඇවිල්ලා නැහැ. ඊට හේතුව වෙන්නේ දෙපාර්ශ්වයම ඉතාමත් හොඳින් මේ දෙන්නාගේ ආදරේ පිළිබඳව තේරුම් අරගෙන තිබීමයි. 

තවද ඇය කියන්නේ ජනික් සැමියා විදිහට තෝරා ගැනීම ඇය ජීවිතේ ගත්තු හොඳම තීරණය කියලයි. ඒ වගේම ඔහු කිසිම වෙලාවක කිසි කෙනෙකුට නරකක් වෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් නෙවෙයි කියන ඇය ඔහු ඇයට වගේම ඇගේ පවුලට ආදරය කරන ගරු කරන කෙනෙක් කියලයි පවසන්නේ. 

ඉතින් ඔහුගේ ඔවුන්ගේ මේ විවාහ මංගල්‍යයේ ඇතැම් දසුන් ගැන මෙරට බොහෝදෙනෙකු කතාබහ කරන්න පටන් ගත්තා. ඇත්තෙන්ම ඔවුන්ගේ විවාහය සැලසුම් වෙන්නේ ඇයට සහ ජනික්ට අවශ්‍ය විදිහටයි. ඒ වගේම පල්ලියේ චාරිත්‍ර වාරිත්‍ර වගේම පෝරුවෙ චාරිත්‍ර වාරිත්‍ර මේ විවාහ මංගල්‍ය උත්සවය දවසේ සිද්ධ වුණා. ඉතින් ඒ ගැන අසේකා කියන්නේ මෙන්න මේ විදිහේ කතාවකුයි. “අපි දෙන්නට අවශ්‍ය වුණේ විවාහය සෑම දෙයක්ම අපිට ඕනේ විදිහට සැලසුම් කරන්න. ජනික් එන්නේ කතෝලික පවුලකින් මම එන්නෙ බෞද්ධ පවුලකින්. එනිසා අපි දවස් දෙකකට විවාහය සූදානම් කළා. අපිට ඕනේ චාරිත්‍රය විදිහටම කරන්න ගෙවල්වලින් වගේම වෙඩින් එකට උදව් කරපු හැමෝටම ස්තුතියි කියන්න අවශ්‍ය වුණත් නම් වශයෙන් කියන්න බයයි එක නමක් හෝ මඟ හැරේවි කියලා.

හැමදෙනාම ඔවුන්ගේම විවාහයක් වගේ අපිට උදව් කළා” මේ විදිහට තමයි අසේකා සති අග පුවත්පතකට ඔවුන්ගේ ආදරණීය දවස ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් එලෙස අලුතින් ආරම්භ කළ ඔවුන් දෙදෙනාගේ මේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.