"ඇසට් ආකේඩ්" ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම ගැන අධිකරණයෙන් අතුරු නියෝගයක්..!
Sri Lanka
By Sewvandhi
අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව වෙත කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි "ඇසට් ආකේඩ්" ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ තහනම් නියෝගය බල පැවැත්වෙන බවය.
එම ගොඩනැගිල්ලේ පිහිටි ඩේටා එක්ස්චේන්ජ් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම විසින් ගොනු කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරනය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කොළඹ මහ නගර සභාව, පොලිස්පති ඇතුළු එම ගොඩනැගිල්ලේ කුලී පදනම මත සිටින ව්‍යාපාරිකයන් 94 දෙනෙකු නම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |