වෛද්‍යවරියකගේ දුරකථනයට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ යවපු අමුතුම පුද්ගලයා..නාන කාමරයේ කරපු වීඩියෝත් යවල..

Sri Lanka Police Sri Lanka WhatsApp Sri Lanka Social Media
By Aruna Apr 10, 2023 07:26 AM GMT
Report

නිට්ටඹුව, වතුපිටිවල රෝහලේ සේවයේ නියුතු විවාහක වෛද්‍යවරිකගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ එවන ලද සැකකරුවෙක් ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා.

ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය විසින් පසුගියදා මෙම තීන්දුව ලබාදී ඇත.

සැකකරුව රාගම ශික්‍ෂණ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය සැකකරු සමග එදිනට (21) එම වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළා.

වැලිවේරිය, දවටගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 47 හැවිරිදි ඉඩම් විකිණීම සහ මිලට ගැනීම සම්බන්ධව අතරමැදියකු ලෙස කටයුතු කරන විවාහක සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

පැමිණිලිකාර වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්‍ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන එවා ඇති සැකකරු, සැකකරු විසින් නාන කාමරයේ සිදුකරන අසභ්‍ය සිදුවීම් පවා වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට එවා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සැකකරු විසින් පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට එවන ලද ඇමතුම්, කෙටි පණිවුඩ සහ අසභ්‍ය දර්ශන හා ඇතුළත් ඡායාරූප සහ වීඩියෝ පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් සැමියා වෙත ලබාදී ඇති බවද අධිකරණයේ දී සඳහන් විය.

පැමිණිලිකාරිය ගේ සහ පැමිණිලිකාරියගේ සැමියාගේ ජංගම දුරකථන බස්නාහිර පළාත් උතුර තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර සිද්ධිය සනාථ කරන ඩී.වී.ඩී. දෙකක් ලබාගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියි.

පෙබරවාරි මස 8 දින සිට 15 වන දින දක්වා පැමිණිලිකාරියගේ ජංගම දුරකථනයට එම අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවන ලද ජංගම දුරකථනයට අදාළව සිදුකරන ලද පරීක්‍ෂණ ඔස්සේ ගම්පහ කොට්ඨාස ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now