මෙරට රෝහල් 100කට ආසන්න සංඛ්‍යාවක් ගැන මතුව ආ අවදානම..

Dr Ramesh Pathirana Sri Lanka Politician Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By krishani Nov 27, 2023 02:12 PM GMT
Report

මෙරට දිවයින පුරා වැසී තිබෙන සහ වැසීයාමට ආසන්න තත්ත්වයේ පවතින රෝහල් රෝගී සත්කාර සේවාවන් සදහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින්‍ ය.

මෙරට රෝහල් 100කට ආසන්න සංඛ්‍යාවක් ගැන මතුව ආ අවදානම.. | As Many As 100 Hospitals Are At Risk Of Closing

අද (27) අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවට අණාවරනය විය.

එමෙන්ම එහිදී අණාවරනය වූ තවත් කරුණක් වූයේ රජයේ රෝහල් 100 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවධානමට ලක් ව ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් ද ඇතුළත්ව විශේෂ කමිටුවක් පත්කර අදාළ රෝහල් ක්‍රියාකාරි තත්ත්වයට ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මාස 10කින් රෝගීන් 1250ක් - අවුරුදු 14 ට අඩු ළමුන් 131ක් ඒ අතර.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න..

මාස 10කින් රෝගීන් 1250ක් - අවුරුදු 14 ට අඩු ළමුන් 131ක් ඒ අතර.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න..