පොලිසිය මුවාවෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක්ට සිදු වූ දේ..
පොලිස් නිලධාරින්ගේ නම්වලින් පෙනී සිටිමින් පෙට්‍රල්, ගෑස් සහ පොහොර ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිණී.
ඒ අනුව අනුරාධපුර, නොච්චියාගම සහ ගලෙන්බිඳුනුවැව පොලිස් ස්ථානවලට මේ සම්බන්ධව පැමිණිලි 8 ක් ලැබී ඇති අතර ඒ ගැන සිදුකළ විමර්ශනයේ දී 41 හැවිරිදි මීගමුව - කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වංචාකර ඇති මුදල රුපියල් හත්ලක්ෂ එක්දහසක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 420 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
එම පුද්ගලයාට එරෙහිව මීගමුව සහ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු ද නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |