පෙට්‍රල් වෙනුවට පාවිච්චි කරන ආදේශකයක් හමුවෙයි.

Sri Lanka Police Sri Lanka
By Aruna Jul 15, 2022 12:45 AM GMT
Report

ආදේශක පෙට්‍රල් නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි කැස්බෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ සවස මඩපාත ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී ආදේශක පෙට්‍රල් නිෂ්පාදනාගාරයක් වටලා ඒ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ලීටර් 165ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 18, 42 සහ 48 වයස්වල පසුවන සැකකරුවන් මඩපාත හා පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now