"ආරාම මල්ලි" පොලිසියට කොටු වෙයි.

Sri Lanka Police
By Madheeha_Naz May 11, 2023 11:47 AM GMT
Report

මහරගම ,කොට්ටාව ,බොරලැස්ගමුව,හෝමාගම යන ප්‍රදේශවල නිවාස 40ක් පමණ බිඳ මුදලින් රුපියල් කෝටි 2කට අධික භාණ්ඩ සොරකම් කළ "ආරාම මල්ලි" නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් නිවෙස්වලින් සොරාගන්නා ලද රන් පවුම් 120 ක් වටිනා රන් භාණ්ඩ හෙට්ටි වීදියේ රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබුණා.

අදාළ සැකකරු සන්තකයේ තිබී පරිගණක 6ක් ද මුදලින් රුපියල් 50,000ක්ද පොලිසිය විසින් සොයාගත් අතර දිනකට පමණක් රුපියල් ලක්ෂයක හෙරෝයින් පානය කරන මොහු සතුව තිබී හෙරෝයින්ද සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා හෙරෝයින් වලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අයෙකු වන අතර ඔහු විසින් සොරාගන්නා ලද භාණ්ඩ විකුණා හෙරෝයින් භාවිත කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW