හෙට කරන වැඩේ ගැන අනුර කුමාරගෙන් ඉල්ලීමක්...
ගෝල්ෆේස් අරගලකරුවන් හෙට (ජූලි 9) ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (ජූලි 7) පස්වරුවේ එම අරගලකරුවන් හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන මෙම විරෝධතාවේ කිසිම අරගලකරුවෙකු ගල්කැටයක් හෝ අතට නොගන්නා ලෙසත් එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති වුවහොත් ආණ්ඩුවට එය වාසිසහගත වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මෙම ජාතික විරෝධතා දිනය පවත්වන්නේ රනිල් – ගෝඨා කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පළවා හැරීම අරමුණු කරගෙන බවත් ඊට තම දේශපාලන ව්‍යාපාරය සහායදීම අවශ්‍ය යැයි තීරණය කළ බවත් දිසානායක මහතා කීය.
ආණ්ඩුව මෙවැනි විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්නට යන්නේ පොදු ප්‍රවාහනය අඩාල කරමින් බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම අරගලකරුවන්ගේ සාධනීය ඉල්ලීම් හමුවේ ප්‍රචණ්ඩත්වය මවාපෑම ප්‍රායෝගික නොවන බව ත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වෙන කිසිවෙකුට නොව ආණ්ඩුවට බවත් පැවැසීය.
එම නිසා කිසිම පුද්ගලයෙකු ප්‍රචණ්ඩත්වය දියත් කර ආණ්ඩුවට කිසිදු වාසියක් සැලසිය යුතු නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |