බලහත්කාරයෙන් ජනප්‍රිය පාසලකට ඇතුළු වී පාසල් ලමුන්ට සිදුකළ අමානුෂික පහරදීම.(PHOTOS).

Anuradhapura Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Apr 12, 2023 12:27 PM GMT
Report

ඊයේ (11) දහවල් අනුරාධපුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් තුළට ඇතුළුවූ පිටස්තර කණ්ඩායමක් පාසල් සිසුන්ට පහරදීමේ සිද්ධියක් වාර්තා විය..

අදාළ පාසලේ උසස් පෙළ සිසුන් සඳහා ඊයේ අමතර පන්තියක් පවත්වා ඇති අතර එහිදී මෙම පහරදීම සිදුවී ඇත.

යතුරුපැදි හිස්වැසුම්වලින් දරුවන් දෙදෙනෙකුට සිදුකර තිබූ එම අමානුෂික පහරදීමෙන් ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා. 

 තුවාල ලැබූ දරුවන් දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අත්ර සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGallery