දෙදරු පියෙකු අවාසනාවන්ත ලෙස මිය ගිය හේතුව..

Sri Lanka
By Sithumi May 07, 2023 12:57 PM GMT
Report

අනුරාධපුර තලාව ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

රක්ෂිතය ආසන්නයේ පිහිටි එම පුද්ගලයාට අයත් ඉඩමක තිබී අද (07) උදෑසන මළසිරුර සොයා ගෙන ඇති බව සඳහන් වනවා.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා කටයතුවල නිරතව සිට අයෙකු බව වාර්තා වනවා.

  සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.