ජනපතිගේ යෝජනාවට ජාතික ජන බලවේගයෙන් ප්‍රතිචාර..! අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට කිසිවිටෙකත් තම පක්ෂය දායකත්වය දක්වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
"රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන, එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපි දායකත්වය දක්වන්නේ නෑ. මොකද ඔහු යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනෙක් කණ්ඩායම්වල සහාය දැක්වීමක්. එය කරන්න අපි කිසිසේත්ම සම්මානදම් වෙන්නේ නෑ. නිවැරදි සෑම පක්ෂයකම සම අයිතීන් නියෝජනය වෙන, සෑම තීන්දුවකටම තම පක්ෂයේ දායකත්වය නියෝජනය කරන්න හැකිවෙන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන අපි යෝජනා කළා. ඒක අසාර්ථක වෙලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ඔහු සහ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්වෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වෙන්නෙත් නෑ. එවැනි ආණ්ඩුවකට අපි දායකත්වය ලබාදෙන්නෙත් නෑ. එහෙත් ඔහු සුදානම් නම් මේ අර්බුදයෙන් ගොඩඒමට යම් කෙටි කාලීන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒ වැඩපිළිවෙලේ තියෙන සාධනීය කරුණු මත පදනම්ව අපිට ඒ වැඩපිළිවෙලට අපේ අනුකූලතාවය හා අදහස් ඉදිරිපත් කරමින් ඉදිරියට යන්න පුළුවන්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |