අනුර කුමාර හදිසියේම හමු වූ කෙනා..
Anura Kumara Dissanayaka
Sri Lanka
Janatha Vimukthi Peramuna
By Sewvandhi
අද (17) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වුණා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති අතර ත්‍රස්ත විරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව වාර්තා වනවා.
එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 75ක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබ පැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගත් බවයි සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |