ප්‍රමුඛත්වය දෙන ක්ෂේත්‍රය ගැන අනුර කුමාර කළ.කතාව

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sri Lankan political crisis
By Sithumi Feb 06, 2023 05:45 PM GMT
Report

මෙරට සතු විශාලතම සම්පත මානව සම්පත බැවින්, එහි උපරිම ප්‍රතිලාභ ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර හමුවකදි. 

 පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණයක් වී ඇති බැවින් පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු බවයි 

එහිදි ඔහු වැඩිදුරටත් පැවසුවේ එමෙන්ම සෑම වසරකදීම සිසුන් 30,000ක් පමණ 10වන ශ්‍රේණියට පෙර පාසල අත්හරින බවත් එබැවින් අතරමැදි අධ්‍යාපනය අත්නොහැරෙන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළා.