නව ජනපති යටතේ අනුරටත් ඉහළ තනතුරක්..!
Anura Dissanayake
Dinesh Gunawardena
Prime minister
Sri Lanka
By Sewvandhi
අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට අනුර දිසානායක පත්කර තිබෙනවා. නව රජයේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද දිවුරුම් දුන් අතර ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
එනම්,මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී දිවුරුම් දුන්නා.
පෙරවරු 10.20 ට යෙදුනු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන්නේ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදියි.
මෙම අවස්ථාවට කථානායකවරයා, හිටපු මැති ඇමතිවරුන් මෙන්ම රජයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම හේතුවෙන් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |