අනුර කුමාර ජනපති ධුරයට - ජාතික ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්..!

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Vijitha Herath
By Sewvandhi Jul 16, 2022 07:34 AM GMT
Report

ජනාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තරග වැදීමට සූදානම් බව ජාතික ජන බලවේගය අද නිවේදනය කළා.

අද(16) ඔවුන් කැඳවා තිබූ මාධ්‍ය සාකච්චාවක දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.

අද (16) දහවල් එම පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

"පාර්ලිමේන්තුව ඇතුළේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාව අපි ඉදිරිපත් කරනවා." 

"ඒ මේ රට වැටිලා තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නායකත්වය ලබාදීමට."

"ඒ වගකීම ඉටුකරන්න අපි සූදානම්. අපි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පොදු එකඟතාවයක වැඩපිළිවෙලක් වෙනුවෙන් කටයුතු කරමු කියලයි."  

නමුත් අද පෙරවරුවේ දී පවා ඔවුන් කියා සිටියේ ජනාධිපතිවරයා සඳහා කතානායකවරයා නම් කළ යුතු බවත් ඒ සඳහා තම පක්ෂයේ සහය හිමි වන බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now