" ඔයාලා කියන දවසට අපි සූදානම්" රටම පෙළගැසෙන දෙවෙනි රැල්ල ගැන අනුරගෙන් හෙළිදරව්වක්

Anura Kumara Dissanayaka Janatha Vimukthi Peramuna Gota Go Home 2022 SL Protest
By Sewvandhi Jul 02, 2022 10:04 AM GMT
Report

ආණ්ඩුව පලවාහැරිමේ දෙවන රැල්ල සුනාමියක් මෙන් ඉදිරියට ගෙනඑන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්බලන්තොට පැවැති විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනපීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් ජාතික ජන බලවේගය එය සංවිධානය කර තිබුණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට මල්පෙත්තා මන්සංධියෙන් අරම්භ වු විරෝධතා පාගමන අම්බලන්තොට නගරය දක්වා ගමන් කළේය. පාගමන අවසානයේ විරෝධතා රැලියක් පැවැත්වුණි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

"ආර්ථිකය හැකිලෙනවා.. රස්සා නැතුව යනවා. මුදල් අච්චු ගහන්න වෙනවා. උද්ධමනය ඉහළ යනවා. මේ අනතුරට අපි එමින් තිබෙන්නේ." "මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් ජනතාව විශ්වාස කරන විශ්වාසනීය ස්ථාවර පාලනයක් ගේන්න ඕනේ." "මේකෙන් ජනතාව මුදවාගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි..මතක තබාගන්න."

"දිනය කියන්නේ අපි නෙමෙයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ වැඩේ ලෑස්තියි... ඕකේ කිව්වොත්..අන්න එදාට දිනේ ප්‍රකාශයට පත්කරනවා." "මුළු හම්බන්තොටම නගරයේ බස්සන්න පුළුවන් ද?. එහෙනම් හොඳයි.. අපි ගිහින් පණිවුඩය කියන්නම් හම්බන්තොට නම් ලෑස්තියි කියලා. අනික් ඒවා ටිකත් මැනලා බලන්න ඕනේ."

"දැන් අපි දෙවනි රැල්ල පටන් ගත්තා. දෙවනි රැල්ල මහා ජන සුනාමියක් ලෙස පළවෙනි රැල්ලටත් වඩා වර්ධනය කරන බවට අපිට සහතිකයි." "පොලීසිය හමුදාවට අපි ආරාධනා කරන්න ඕනේ. කිසිකෙනෙක් තරහා කරගන්න එපා."

"ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට කතා කරන්න.. එක්සත් ජාතික පාක්ෂිකයාට කතා කරන්න... මොකද පෝලිමේ ඉන්නේ ජෙවීපී එක්කෙනා විතරද?... නෑ අපි ඔක්කොම පෝලිමේ." "මේ ව්‍යවසනය අපි හැමෝටම පොදුයි.. එහෙනම් අපි සමගි වෙලා ඉදිරියට එන්න ඕනේ. අපි සියලු පාක්ෂිකයින්ට ආරාධනා කරනවා ඒ සමගියට මෙතනට එන්න කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now